හරිත හා තිරසාර සංවර්ධන හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව අගමැති මෝදි, සහ ජර්මන් චාන්සලර් ෂෝල්ස් අවධාරණය කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ඔවුන්ගේ හරිත හා තිරසාර සංවර්ධන හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ඔවුන්ගේ හමුවේ දී අවධාරණය කළහ.

ජර්මනියේ ෂ්ලොස් එල්මාවු හි පැවති G-7 සමුළුවට සමගාමීව නායකයන් දෙදෙනාගේ හමුව සිදුවිය.

මෙය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජර්මානු චාන්සලර්වරයා හමුවූ දෙවැනි අවස්ථාව මෙය විය.ඉන්දීය-ජර්මනිය අන්තර් රාජ්‍ය උපදේශන සඳහා අගමැති මෝදි මේ වසරේ මැයි 2දා බර්ලින් නුවරට ගිය අවස්ථාවේදී නායකයන් දෙදෙනා හමුවිය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව නායකයින් දෙදෙනා ඔවුන්ගේ හරිත හා තිරසාර සංවර්ධන හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ බව පැවසේ.එමෙන්ම වෙළෙඳාම, ආයෝජනය සහ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය නායකයන් දෙදෙනා එකඟ වූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

තවද දේශගුණික ක්‍රියාමාර්ග, දේශගුණික මූල්‍යකරණය සහ තාක්‍ෂණික හුවමාරුව වැනි කරුණු සාකච්ඡා මගින් ආවරණය විය.

ඉන්දියාව සහ ජර්මනිය දිගු කාලීන උපාය මාර්ගික හවුල්කරුවන් වේ. දෙරට අතර ඉහළ මට්ටමේ වෙළඳ හා වාණිජ සහ අන්තර් පුද්ගල සබඳතා හුවමාරු කරගනී

දෙරටේ නායකයන් දෙදෙනා කලාපීය හා ගෝලීය වශයෙන් වර්ධනය වන නවතාවයන් පිළිබඳවද අදහස් හුවමාරු කරගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

You might like

About the Author: Lanka Info News