ඉන්දීය අගමැති මෝදි සහ ආර්ජන්ටිනා ජනාධිපති ෆර්නැන්ඩස් ඉන්දියාව සහ ආර්ජන්ටිනාව අතර සමීප වාණිජ හා සංස්කෘතික සබඳතා පිළිබඳ සාකච්ඡා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ජර්මනිය විසින් සත්කාරකත්වය දරන ජී 7 සමුළුවට සමගාමීව ජර්මනියේ මියුනිච්හිදී හමුවිය.මෙම හමුවේ දී දෙරටේ නායකයන් දෙදෙනා ජාතීන් දෙක අතර වාණිජ හා සංස්කෘතික සබඳතා පිළිබඳව සාකච්ඡා කළහ.

2019 දී ස්ථාපිත කරන ලද උපායමාර්ගික හවුල්කාරිත්වය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ද නායකයන් විසින් සමාලෝචනය කළහ.

ආජන්ටිනා ජනාධිපති ෆර්නැන්ඩස් හමුවීම පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබුණේ ඉන්දීය-ආර්ජන්ටිනා මිත්‍රත්වයේ සම්පූර්ණ පරාසය සමාලෝචනය කරන ලද බවත් දෙරටේ ජාතීන් අතර ශක්තිමත් සහයෝගීතාවය අපගේ ජනතාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බවත්ය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දක්වන පරිදි මෙහිදී විශේෂයෙන්ම ඖෂධ අංශයේ; දේශගුණික ක්‍රියාකාරකම්, පුනර්ජනනීය බලශක්තිය, න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, විදුලි සංචලනය, ආරක්ෂක සහයෝගීතාව, කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව,වෙළඳාම සහ ආයෝජන ඇතුළු විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා සිදු විය.එපමණකුදු නොව මෙම අංශවල ද්විපාර්ශ්වික කටයුතු වැඩිදියුණු කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

එමෙන්ම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව, සංස්කෘතික සහයෝගීතාව මෙන්ම ජාත්‍යන්තර ආයතනවල සහයෝගීතාවය ද නායකයන් දෙදෙනා අගය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ජර්මනිය විසින් සත්කාරකත්වය සපයනු ලබන ජී 7 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති මෝදි ඉරිදා මියුනිච් වෙත පැමිණියේය.බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව, ත්‍රස්තවාදයට එරෙහි වීම, පරිසරය සහ ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු ජී 7 නායකයන් හා හවුල්කාර රටවල ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට ඉන්දීය අගමැතිවරයා බලාපොරොත්තු වේ.

ජී 7 සමුළුවට සත්කාරකත්වය සපයන ජර්මනිය විසින්, ආජන්ටිනාව, ඉන්දුනීසියාව,ඉන්දියාව, සෙනගාලය සහ දකුණු අප්‍රිකාව ද සමුළුව සඳහා ආරාධිතයන් ලෙස ආරාධනා කර ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

You might like

About the Author: Lanka Info News