” තනිය.. තනිවෙලා” …

” උඩවලව වනෝද්‍යානයේ” අයිනක ඉන්නවා …..
උඩවලව තණමල්විල පාර අයිනේ ලොකු පොඩි කවුරුත් ආසාවෙන් බලන “වන අලියෙක් ” …

ශරීරය කොච්චර ලොකු වුණත් තනිවෙලා ඉන්නකොට හරි වෙනස් …

තමන් ලගට අද කවුරුත් එන්නෙ නෑ …
ඉස්සර කණ්ඩායමට හිටපු ලොකු විරයා
හැසිරීම ටිකක් නරක තමයි
කේන්තිත් එමටයි

අලියට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි.. තමන්ගෙ විශාලත්වය තමන්ට පේන්නෙ එන්නැති එක .
ඒ වගේම තමන්ගේ ශක්තියත් තමන්ට පේන්න නෑ .

“‘තමන්ට කණ්ඩායමෙන් ඉවත් වෙන්න වුනේ ඇයි ” ? කියල හිතන්න තරම් ශක්තියක් තිබුණා නම් කොච්චර වටිනවා

හැබැයි එච්චර දෙයක් තේරුම් ගන්න තරම් මෙච්චර ලොකු සතෙක්ගේ මොලේ ” පොහොසත්” නෑ
ඒක තමයි ඇත්ත

අපේ සමාජය ගොඩාක් ” ශක්තිය ” තියෙන විශාල මිනිස්සු ඉන්නවා. හැබැයි ඔවුන් තමන් ගේ ශක්තිය තේරුම් ගන්නේ නෑ . ඒ නිසා ඔවුන් හැමදාම තනිවෙලා ඉන්නේ .

හුඟක් දේශපාලන නායකයෝත් එහෙමයි .
පටු ආකල්ප තුරුළු කරගෙන , බල තණ්හාවට , කණ්ඩායම් පාවාදීලා , ලොකු ලොක්කන් ගෙන් වරදාන් අරගෙන , සත්‍ය වසන් කරලා , කහවණු පොදි බඳිනවා …

හැබැයි ජීවිතේ දවසක තමන් තනි වෙනවා .
එදාට තමන්ගේ ශක්තියෙන් වැඩක් නෑ .
කවුරු තමන්ව පිලිගන්නේ නෑ .

බලය තියෙන කාලේ තිබුණු තේජස් ගතිය පේන්නවත් නෑ .
ඇස් පෙමත් අඩුයි …කන් ඇහෙන්නෙත් ටිකයි….
පොඩි නිවිච්ච ගතියකුත් තියෙනවා ..
සමාරු ධර්මානුකූලයි…..
හරියට බන කියනවා ….
සමහර ව්ට එයා අපිට අඳුර ගන්නත් බැරි තරම්…….. හොදයි !!!

හැබැයි ඒයා දන්නේ නැති වුණාට……
හුඟක් වෙලාවට අපි එයාගෙ අතීතේ මතක් කරලා ” යටි හිතෙන්…..හිනා වෙනවා “

අනේ ඉතින් ….අර සද්දන්ත” තනිය “
ජීවිතේ තනි උනාම

සෙන්ටිමීටරයක් විතර ද මහත
” කරන්ට් වයර් ” එකට බය වෙලා…
කරගන්න දෙයක් නැතුව බලන් ඉන්නවා බලන් ඉන්නවා ….

ඔබගේ ජීවිතයටත් මෙවැනි ආදර්ශයක් වැදගත් වේ
මෙම ” ඉගෙනුම් ” අභ්‍යාසයක් වේවි .

” තනියා ” ….. තනිවෙලා.

ලිව්වේ : කෝකිල
09, 01. 2022

You might like

About the Author: Editor