හර්බ්ලයින් වෙතින් රෝද පුටු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් සදහා අත්‍යාවශ්‍යවන රෝද පුටු සහ රෝගී සත්කාර වෙනුවෙන් අවශ්‍ය වන මල්ටි පැරා මොනිටර්ස් ඇතුළු රුපියල් මිලියනයක් වටිනා උපකරණ තොගයක් හර්බ්ලයින් පුද්ගලික ආයතනයේ සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා විසින් පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පසුගියදා සිදුවිය.

හර්බ්ලයින් ආයතනය විසින් ලබාදුන් මෙම උපකරණ තොගය සංකේතාත්මකව රෝද පුටු 10ක් සහ මල්ටිපැරා මොනිටරයක් ලබාදුන් අතර ඉදිරියේදී තවත් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යතුමිය සදහන් කර සිටියේ කෝවිඩ් සමයේ සිට රෝහල්වලට සහ විවිධ ප්‍රජා සත්කාර කරන අතරතුර හර්බ්ලයින් ආයතනය අද අපගේ අමාත්‍යංශයටද රෝද පුටු පරිත්‍යාග කල බවත් ඒ්වා ඉල්ලීම් කරන ලද ආබාධිත අයවලුන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බවත් සදහන් කල අතර කෝවිඩ් සමයේ මහියංගණ රෝහල වෙත වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කර ඇති මෙම ආයතනය කටුවන රෝහල සදහා අවශ්‍ය පේෂන් මොනිටර්ස් ලබාදීමට අද දිනයේ කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් හර්බ්ලයින් ආයතනයේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාට සිය ස්තුතිය පුදකරන බවත් සදහන් කරන ලදි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමිය කියා සිටියේ දේශීය සමාගමක් මෙන්ම තරුණ දේශීය ව්‍යවසායකයෙක් විසින් මෙහෙයවන සමාගමක් ලෙසත් ඔවුන් පවසන පරිදි එම සමාගම හරහා යම්කිසි ආදායමක් උපයා ගන්නා ලක්ෂයකට වැඩි පවුල් සංඛ්‍යාවක් සිටිම ඉතාම ශක්තියක් බවත් සදහන් කළ අමාත්‍යතුමිය දේශීය කුඩා ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට මෙන්ම සිදුකරන සමාජ සත්කාර කටයුතු දිගටම සිදුකර ගැනීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් මෙහිදී සදහන් කළාය. 

මෙම අවස්ථාවට හර්බ්ලයින් ආයතනයේ ව්‍යාපාර ප්‍රධානී සංජීව ගනේගොඩ, අජිත් කුමාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

You might like

About the Author: Editor