ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය අත්හිටුවයි

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී තිබූ ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය නතර කිරීමට චක්‍රලේකනයක් නිකුත් කර ඇති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ කැඳවුම්කරු සංජය මහවත්ත පවසයි. පසුගියදා තම සංගමය මගින් පවත්වන ලද මාධ්‍ය හමුවේ සිදු කරන ලද අනාවරණයකින් පසු මෙය ක්‍රියාත්මක කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් ඔහු පවසා සිටියේ, “අධ්‍යක්ෂ ජනරාල්වරිය නීතිවිරෝධි ලෙස රක්ෂණ සමාගම්වලට ජංගම දුරකථන ජාල හරහා රක්ෂණ ඔප්පු විකිණීමට වක්‍ර ආකාරයෙන් අනුමැතිය දී තිබුණු බවත් එලෙස ජංගම දුරකථන ජාල හරහා රක්ෂණ ඔප්පු විකිණීමට කිසිම ආකාරයක නීතියක් හෝ රෙගුලාසියක් ඇය විසින් නිකුත් කර නැත” යන්නෙන්ද සඳහන් කර සිටියේය. මෙම නීතිවිරෝධි ක්‍රියාව නිසා නොයෙක් ආකාරයේ අකටයුතුකම්වලට මුහුණ දුන් රක්ෂණ ඔප්පු හිමියන් කොමිෂන් සභාවට පැමිණිලි රාශියක් ඉදිරිපත් කර තිබූ බවත්, ඉදිරියේදීද ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය ඵලදායි මෙන්ම මහජනතාවට හිතකර ආයතනයක් බවට පත්කිරීම උදෙසා මහජනතාව වෙනුවෙන් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පෙනීසිටින බවද පැවසීය.

මෙහිදී තවදුරටත් කරුණු සඳහන් කරමින් පවසා සිටියේ, “තවමත් මෙම ජංගම දුරකථන ආයතන මේ සඳහා මුදල් පාරිභෝගිකයන්ගේ දුරකථන සම්බන්දතා මගින් කපා අය කරගනිමින් සිටින බවත්, මේ පිළිබඳවද පැමිණිලි ලැබෙමින් පවතින බවත් සහ මේ පිලිබදව අධ්‍යක්ෂක ජනරාල්වරිය තවදුරටත් අවධානය යොමු කලයුතුයි” යන්නයි. එසේම මෙහිදී රක්ෂණ අලෙවිකරුවන් (INSURANCE ADVISORS / AGENT) හට සිදුවන අසාධාරණ සමග ඔවුන්ගේ රැකියාව තුල ඇති ගැටළු පිළිබඳවද අප ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය ලෙස අවධානය යොමු කර ඇති බවද මෙහිදී සඳහන් කරන ලදී.

You might like

About the Author: Editor