කොරෝනා හතරවන රැල්ලේ බලපෑම සමග රට කොයිබටද?

මේ වන විට තවදුරටත් දත්ත සැඟවීමෙන් හෝ විකෘති කිරීමෙන් වසන් කල නොහැකි ලෙස තත්ත්වය “පිපිරීමට”  ලක්ව ඇති අතර, රෝහල් වලට දරාගත නොහැකි ලෙස රෝගීන් පැමිණීමත්, ආදාහනාගාර පිරී ඉතිරී යන තරමට මෘත ශරීර ගොඩ ගැසීමත් නිසා බව 43 සේනාංකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව තුල පළමු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගියා මේ වසරේ අප්‍රේල් මස 8 වැනිදා හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛරස රෝග විශේෂඥ අංශය වාර්තා කලා.

මේ අතිශය අනතුරුදායක නිවේදනය සමග ලොව පුරා කොරෝනා රෝගය සතුටුදායක ලෙස පාලනය කල රටවල් පවා දන ගැස්සවූ අතිශය දරුණු “ඩෙල්ටා පිපිරීමක්” නුදුරේම ඇතිවිය හැකි බව බලධාරීන් විසින් දැනගත යුතුව තිබුනා. එසේම එවන් පිපිරීමක් සිදුවී ජීවිත හානි රැසක් සිදුවීම වලක්වා ගැනීමට යුහුසුලුව කටයුතු කිරීමට අවස්තාව තිබූ නමුත්, එය මගහරිනු ලැබුවා.

එතැන් සිට අප්‍රේල් වසන්ත සැනකෙලි, පාසැල් නැවත ඇරැඹිම, සංචරන සීමා සහ සමාජ දුරස්ථතා ලිහිල් කිරීම ආදී ඉතාම අමනෝඥ තීරණ රැසක් හරහා රජය විසින්ම ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ව්‍යාප්ත කරන ලදි.

සත්‍ය වසන් කිරීම.

පළමු කොරෝනා රෝගියා 2020 වසරේ ජනවාරි මාසයේ මෙරටින් හමුවූ දා සිටම රජයේ උවමනාව වූයේ තමන් ඉතාම සාර්ථක බවට පුරසාරම් දෙඩීමට පමණි. ඒ සදහා වාර්ථා වන රෝගීන් සගවා තැබීම, රට තුල “සමාජ ව්‍යාප්තියක් “ නොමැති බවත්, ඇත්තේ පොකුරු පමණක් බවත් පැවසීම, සිදු කරන PCR පරීක්ෂණ ප්රමාණය අවම කිරීම ආදී කූට උපක්‍රම රැසක් භාවිතා කරන ලදි. මේ වන විට තව දුරටත් සැගවිය නොහැකි ලෙස හෙලිදරව් වී ඇති පරිදි සෞඛ්ය අමාත්යංශයේ ඇතැම් නිළධාරීන් සහ හමුදා නිළධාරීන් සමග එක්ව රජය විසින් ඉතාම නිර්ලජ්ජිත ලෙස දත්ත සැගවීම සහ විකෘති කිරීම සිදු කල බව පැහැදිලිය.

ලොව කිසිදු වගකිවයුතු රජයක් විසින් නොකරන මෙම ක්‍රියාවලිය තුලින් මහජනයා හට ඒ වන විටත් සමාජය තුල ඉතා භයංකාර ලෙස පැතිරෙමින් පැවති ඩෙල්ටා ප්රභේදය පිළිබද කරුණු වසන් කරන ලදි. මේ නිසාම සාමාන්‍ය මහජනයා ඉතා නිදහසේ, සමාජ දුරස්ථතාව ඉතාම අවම වශයෙන් පවත්වාගනිමින් හැසිරෙන්නට පටන් ගත්හ. කිසිවකුටත් නොදැනීම සති කීපයකින් රට පුරාම  ඩෙල්ටා ප්‍රභේදය පැතිරී ගිය බව දැන් පැහැදිලිය.

මේ වන විට තවදුරටත් දත්ත සැගවීමෙන් හෝ විකෘති කිරීමෙන් වසන් කල නොහැකි ලෙස තත්වය “පිපිරීමට”  ලක්ව ඇත. ඒ රෝහල් වලට දරාගත නොහැකි ලෙස රෝගීන් පැමිණීමත්, ආදාහනාගාර පිරී ඉතිරී යන තරමට මෘත ශරීර ගොඩ ගැසීමත් නිසාය.

අද තත්වය

අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ ජනගහනය මිලියනයකට වැඩිම මරණ වාර්ථා වන රටවල් තුන අතරට පැමිණ ඇත. රජය විසින් වාර්ථාවන මරණ සංඛ්‍යාව අඩුකර පෙන්වීම සදහා විවිධ උපක්‍රම යොදා තිබෙන පසුබිමක මෙම දර්ශක මෙතරම් ඉහල අහයක පවතින බව අවධාරණය කල යුතුය. දෛනික මරණ සංඛ්‍යාව සියය පසු කළ මොහොතක ජනාධිපතිවරයා විසින් බුද්ධි අංශ නිළධාරීන් ගෙයක් ගෙයක් ගානේ යවා එම අගය පහත හෙලීමට උණන්දු වූ ආකාරයත්, එක්තරා වෘත්තිය සමිති නායකයකු විසින් “ කුමන්ත්‍රණයක්” ක්‍රියාත්මක වන්නේයැයි පැවසූ වසංගත විද්‍යා ආයතනයේ ප්‍රධානියාට ක්ෂනික ස්ථාන මාරුවක් ලබා දීමත් යලි මතකයට නගා ගත යුතුය.

එමෙන්ම Case Positivity එනම්  පරීක්ෂාවට (PCR) ලක් කරන පුද්ගලයන්ගෙන් කොපමන ප්‍රතිශතයකට  රෝගය වැළදී ඇති අය ලෙස තහවුරු වනවාද යන්න අතින්ද ශ්‍රී ලංකාව ලෝකයේ පළවැනි ස්ථානයට පත්ව තිබෙනවා.  මෙයට එක් හේතුවක් ලෙස ජනගහනය මිලියනයකට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය ඉතා අඩුවීම සැලකිය හැකි වුවත්, අප හා සමාන තත්වයේ පසුවන අනෙක් රටවල් හා සසදන විට මෙය ඉතාම භයානක තත්වයක් වන බව පැහැදිලි වේ.

මේ අතර දැනට බස්නාහිර පලාතෙන් හමුවන රෝගීන්ගෙන් 90% පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අය බව පෙනී යන අතර සෙසු පලාත් වලද එය සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට අනුමාන කරනවා. ඒ අනුව බස්නාහිර පලාතේ දැනට දැක්වෙන මරණ අනුපාතය තව සති දෙකකින් පමණ සෙසු දිස්ත්‍රික්ක වල දක්නට ලැබිය හැකි බව විශේෂඥ මතයයි.

දිවයිනේ සියළුම රජයේ රෝහල් මේ වන විට සම්පූර්ණ ධාරිතාව දක්වා පිරී අවසන්. ඔක්සිජන් ලබා දිය යුතු සහ දැඩිසත්කාර සේවා ලබා දිය යුතු සංඛ්‍යාව ධාරිතාවය ඉක්මවා ගොසින් තිබේ. පෞද්ගලික රෝහල් වල තත්වයද මෙසේම වන අතර , අතරමැදි සත්කාර ආයතනද පිරී ඉතිරී ගොසිනි. මේ තත්වය යටතේ රජය විසින් ගෙන ඇති පියවර වන්නේ රෝගීන් නිවස තුලම රදවා ප්‍රතිකාර කිරීමට යොමුකරවීමයි. පූර්ව සැලසුමක් සහිතව මුලසිට සිදු කල යුතුව තිබූ නිවස තුල රදවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය පිළිබදව අප 43 සේනාංකය විසින් යෝජනාවක් ඉදිරිපත් කලේ  මේ වසරේ මාර්තු මාසයේදීය. නමුත් දැන් සිදුවන්නේ   රෝගීන් රෝහල්ගත කල නොහැකි නිසා නිවෙස් වල රදවා තැබීම විනා, නිසි සැලැස්මක් සහිතව නිවෙස් තුල ප්‍රතිකාර කිරීම නොවේ. මේ නිසාවෙන් නිවෙස් තුල රැදී සිටින රෝගීන් නිසි උපදෙස් සහ සේවාවන් නොමැතිව අන්ත අසරණ තත්වයට පත්ව සිටිති. අඩුම වශයෙන් ඔවුන්ට දුරකතනයෙන් හෝ යම් උපදෙස් හෝ සේවාවන් ලබා දීමට  මැදිහත් වූයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයයි.

රටේ ජනතාව මුහුණදෙන ප්‍රශ්ණ තව තවත් උග්‍ර කරමින් මේ වනවිට ඇන්ටිජන් පරික්ෂාව හෝ PCR පරීක්ෂණ කරගැනීමද දුෂ්කර වී තිබේ. බොහෝ පෞද්ගලික ආයතන වල PCR පරීක්ෂණ ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර ඇන්ටිජන් පරීක්ෂාව බාහිර රෝගීන් සදහා ලබා නොදේ.

රජය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් අනුව කොරෝනා වෛරස ප්‍රතිදේහ මැන බැලීමේ පරීක්ෂණයද අත්හිටුවා ඇත. දැනට භාවිතා වන ප්‍රතිශක්තිකරන එන්නත් වල සාර්ථකතවය මැන බැලීමේ පරික්ෂාවක් වන මෙය තහනම් කර තිබීම පුදුමය දනවන සුළුය.

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *