කෘෂි රසායන තහනම, වසංගතයට අමතරව සාගතයක්ද කැඳවීමකි – 43 සේනාකංය

රසායනික පොහොර ඇතුලු ආනයනය කරනු ලබන කෘෂි රසායන මුලුමණින්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇත. මේ අත්තනෝමතික තීරණය වර්තමානයේ රටේ පැතිරී තිබෙන වසංගතයට අමතරව සාගතයක්ද කැඳවමින් ජන ජීවිතය අගාධයෙන්  අගාධයට ඇද දැමීමට හේතු වන්නකි.

දැනට පවතින පසුබිම අනුව කෘෂිකර්මයේ ඵලදායිතාවය ඉහල දැමීම, ආහාර සුරක්ෂිතතාවය රට තුළ ඇති කිරීමට මෙන්ම අපනයන හා ව්යවසායක කෘෂිකර්මයටද අත්යවශ්ය පුර්ව කොන්දේසියක් වන්නේය. රසායනික පොහොර භාවිතා නොකිරීම තුළ අස්වැන්නෙහි සිදුවිය හැකි අලාබය රජය මගින් හානිපුරණය කරනාවය යන ස්ථාවරය මිත්යාවකි.

විශේෂයෙන්ම මෙම  ප්රතිපත්තිය නිසා තේ, රබර් හා පොල් කේෂේත්රයටද මරු පහරක් එල්ලවනු ඇත. එසේම නුදුරු අනාගතයේදී දැවැන්ත ආහාර ද්රව්ය හිඟයකට අතවැනීමකි.

ආණ්ඩුවේ තර්කය වන්නේ කාබනික ගොවිතැන කරා මාරුවෙමින් වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයක් කරා යාමට මේ තීරණය ගෙන ඇති බවය.

මුූලුමනින්ම කෘෂිරසායන විරහිත ගොවිතැනක් මගින් කෙරෙන වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයක් මගින් රටේ ආහාර ඉල්ලුම හිඟයක් ඇති නොවන පරිදි සංතෘප්ත කිරීමට හැකියාවක් ඇත්නම් එය වඩාත්ම ප්රශස්ත තත්වය බවට විවාදයක් නැත.

එහෙත් එවැනි තත්වයක් අත්පත් කර ගත හැක්කේ එවැනි ආහාර නිෂ්පාදනයකට අදාල සියලු සාධක සැළකිල්ලට ගත් යථාර්ථවාදී ප්රතිපත්තියක් ක්රමානුකූලව ක්රියාත්මක කිරීමෙන් මිස, කාබනික ගොවිතැන වටා ගෙතී ඇති රොමෑන්තික සෞන්දර්යවාදී මතවාදී ආඛ්යාන වලින් දෑස් නීලංකාර ගනිමින් නොවේ. කොවිඩ් සුවපත් කිරීම සඳහා ධම්මික පැණිය ප්රවර්ධනය කිරීමේදී ආණ්ඩුවේ බලධාරීන් යථාර්ථය මග හැරගිය ආකාරයටම කාබනික ගොවිතැන සම්බන්ධයෙන්ද ක්රියා කරමින් සිටින ආකාරය අපට පෙනේ.

කාබනික ගොවිතැන සම්බන්ධයෙන් ඇත්ත මෙන්ම විශාල මිථ්යාවන්ද මේ වන විට බෙහෙවින් සමාජගත වී ඇත. මේ කතිකාවේ ආධිපත්ය දරන්නේ විශේෂඥයන් නොව, එය දේශපාලනීකරණය කරමින් වාසි ලබා ගන්නට තැත්කරනා පිරිසකි. කාබනික ගොවිතැන පිළිබඳ කතිකාවේ අඩංගු සත්ය කරුණු ආරක්ෂා කරමින් මිථ්යාවන් හෙළිදරව් කරන විද්වතුන් කෘෂි රසායන සමාගම් වල මුදලින් යැපෙනා කුමන්ත්රණකාරීන් ලෙස හංවඩු ගැසීමේ ප්රවණතාවක් තිබෙන බැවින් සත්ය පෙන්වා දීමට සුදුසුකම් ඇති විද්වත් වෘත්තිකයන් බිය ගැන්වී, නිහඬ වී ඇත. ඒ නිසා ප්රශස්ත ප්රතිපත්තියක් නිර්මාණය කරගැනීමට ඉවහල් වන යථාර්ථවාදී  දැණුමට වැට බැඳී ඇත.

රසායනික වේවා කාබනික වේවා සෑම ගොවිතැනකම ඊට අදාල සාධනීය ලක්ෂණ මෙන්ම නිෂේධනීය ලක්ෂණද ඇත.එහෙයින් කෘෂිකර්මය  දියුණු කරගත් හැම රටක්ම මේ වන විට මේ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ තුලනාත්මක ප්රවේශයකි.

මේ පසුබිම යටතේ අපට පෙනී යන්නේ කාබනික ගොවිතැන සම්බන්ධයෙන් ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව  හැසිරෙන්නේ කොරෝනා වසංගතය නැමති ගහෙන්  වැටුණ ජනතාවගේ අතුනු බහන් වලට අණිනා ගොං තඩියෙකු සිහිපත් කරනා ආකාරයට බවය.

මේ මෝඩ තීරණය හකුලාගනිමින් රටේ සාගතයක් ඇති නොවන පරිදි ගොවියාත් පාරිභෝගිකයාත් රැක ගන්නා ආහාර නිෂ්පාදන ක්රියාමාර්ගයකට අවතීර්ණ වන ලෙස අපි බල කර සිටිමු.

එසේම කාබනික ගොවිතැන පිළිබඳ විද්යාත්මක අදහස් වලට මුල් තැන දෙන්නා වූ කතිකාවක් ඔස්සේ සකස් වුන වගා ප්රතිපත්තියක් ක්රියාත්මක කළ යුතු බව අවධාරණය කර සිටිමු.

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *