“අහිමි කිරීමට වෙර දරන සංවිධානය වීමේ අයිතිය රැක ගැනීමට පෙරමුණ ගනිමු“ – ලංකා බැංකු සේවක සංගමය

රතු ලෙයින් නැහැවුණු චිකාගෝව හා මැයි දිනය

කාර්මිකකරණය ආරම්භ වූ කාලයේ සිටම ලොව පුරා මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය තුළ ද වැඩ කරන පන්තිය විසින් කෙටි වැඩ කාලයක් ලබාගැනීම සඳහා අරගලයන් දියත් කරන ලදී. දිනකට පැය දාහතරක්, දහසයක් ඇතැම් විට පැය විස්සක කාලයක් එක දිගට වෙහෙස වී සේවය කිරීමට සිදු වූ බැවින් එයට එරෙහිව 19 වන සියවසේ මුල් භාගයේ සිටම් අරගල දියත් වුණි.

විශාල කර්මාන්ත ශාලා බිහිවීම හේතුවෙන් එකල සතියේ දින 07 තුළම පැය 24 පුරා අඛණ්ඩව වැඩ කිරීමට සිදු වූ බැවින් 08 HOURS LABOUR. 08 HOURS RECREATION, 08 HOURS REST යන සටන් පාඨය මත කම්කරු ජනතාව සිය අයිතීන් ඉල්ලා සිටියහ.

එලෙස පැය අටක සේවා මුරයක් වෙනුවෙන් වසර ගණනාවක් පුරා ගෙනගිය මෙම අරගලවල උච්ඡතම අවස්ථාව වූයේ 350,000 ට වඩා වැඩි කම්කරුවන්

පිරිසකගේ සහභාගීත්වයෙන් 1886 මැයි මස 01 වැනි දින එක්සත් ජනපද කම්කරු ව්‍යාපාරයේ හදවත බඳු චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේ දී පැවැත්වූ දැවැන්ත වැඩ වර්ජනයයි.

මෙම වැඩවර්ජනය මැයි 03 වනදා තෙක් පැවැත්වුණු අතර විදින විකාගෝ පොලිසිය විසින් නිරායුධ වර්ජකයින්ට සාහසික වෙඩි වරුසාවක් එල්ල කළහ. දිනකට සේවය කළ යුතු දීර්ඝ පැය ගණන පැය 08 ට සීමා කිරීම වෙනුවෙන් අභීතව සටන් වැදුණු කම්කරුවන්ට මෙලෙස පොලිසිය විසින් නිර්දය ලෙස ප්‍රහාර දියත් කරන ලද්දේ පැය 08 ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ අදහසිනි.

හේමාකට් චතුරශ්‍රයේ අඳුරු හෝරාව

වැඩ කරන පන්තියේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා සටන් වැදි මෙම නිරායුධ කම්කරුවන්ට පොලිසිය විසින් එල්ල කරන ලද මිලේච්ඡ සාහසික ප්‍රහාරයට එරෙහිව 1886 මැයි මස 04 වැනිදා දස දහස් සංඛ්‍යාත කම්කරු ජනතාවගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් රාත්‍රී 07 30 ට සංවිධානය කෙරුණු අතර විශාල පොලිස් බලඇණියක් රැකවලෙහි යොදා තිබිණි.

මෙම විරෝධතා රැළිය රාත්‍රී 10.30 ට පමණ අවසන් වන විට පැවතියේ වැසි සහිත කාලගුණ තත්වයකි. විවන විට විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් ඉවත්ව යාමෙන් පසු ඉතිරිව සිටි 200 කට ආසන්න පිරිස මැදට පැමිණි 180 ක් පමණ සන්නද්ධ පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන්ට විසිර යන ලෙස අණ කරන ලදී.

මේ අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් දෙසින් බෝම්බයක් පුපුරා ගිය අතර ඒ සමගම පොලිසිය නිරායුධ කම්කරුවන් දෙසට දැවැන්ත වෙඩි ප්‍රහාරයක් දියත් කළහ. අඳුරු හෝරාවේ සිය තුවක්කුවල තිබූ උණ්ඩ ඉවර වූ පසු නැවත නැවතත් උණ්ඩ පුරවා ගනිමින් සතර අතට සාහසිකව තැබූ වෙඩි ප්‍රහාරයෙන් අති විශාල පිරිසක් තුවාල ලැබූ අතර පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූහ. විනාඩි කිහිපයක් තුළ ප්‍රාණය නිරුද්ධ සිරුරු සහ තුවාලකරුවන් හැර අන් කිසිවක් ඉතිරි නොවීය. 1886 මැයි 04 වැනිදා රාත්‍රියේ දී හේමාකට් චතුරශ්‍රය අභියස පැය 08 ක සේවා මුරය වෙනුවෙන් අරගල කළ කම්කරුවන්ගේ සිරුරු වලින් ගලා ගිය උණුසුම් ලේ දහරාවලින් වීදි නැහැවී තිබිණ. බැලූ බැලූ සැම දෙස රක්ත වර්ණ විය. ඔවුන්ගේ ලෙයින් පෙගුණු ඇඳුම් රතු ධජය බවට පත්විය. වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් වෙනුවට පාලකයන් ලබා දුන්නේ කුරිරු මර්දනයයි. ඛේදාන්තයකින් දිනය නිමා වුව ද 1886 මැයි 04 වැනිදා ලොව පුරා විහිදී සිටින වැඩ කරන ජනතාවගේ හැරවුම් දිනයක් බවට පත්වීය.

කම්කරු නායකයින් අත්අඩංගුවට

සිදුවීමට පසුදින සිදුකළ පොලිස් වැටලීම් මගින් කම්කරු නායකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. පෙර දිනයේ දී පොලිසිය දෙසට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සැලසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය. එම බෝම්බය සැදීමට සහ එල්ල කිරීමට කම්කරුවන් සම්බන්ධ බවට චෝදනාකර අත්අඩංගුවට ගැනීම සිදුවුණි.

අවසානයේ දී කම්කරු නායකයින් 08 දෙනෙකුට එරෙහිව මාස 02 කට ආසන්න කාලයක් තුළ පැවති අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව 1886 අගෝස්තු මස දී ඔවුන් සියලු දෙනාම වැරදිකරුවන් බවට තීන්දු කෙරිණ. එහිදී කෙනෙකු හැර අන් සියලු දෙනාටම මරණ දඬුවම නියම කෙරිණි. මෙම නඩු තීන්දුවට එරෙහිව ලොව පුරා වැඩ කරන ජනතාව විරෝධතා පැවැත්වූහ. පසුව සිදු කළ අභියාචනයකින් පසු තවත් දෙදෙනෙකුගේ මරණ දණ්ඩනය ජීවිතාන්ත සිර දඬුවමක් දක්වා ලිහිල් කරන ලදී.

1887 නොවැම්බර් මස 11 වැනි දින කම්කරු නායකයින් 04 දෙනෙකු එල්ලා මරන ලද අතර වයට මොහොතකට පෙර ඔවුන්ගෙන් කෙනෙකු කෑ ගසා පැවසුයේ ”The fime will come when our silence will be more powerful than the voices you strongle fodoy“ යනුවෙනි.

පැහැදිලි සාක්‍ෂි සටහන් හෝ ඇත්ත බෝම්බකරු කවුදැයි තහවුරු නොකළ නඩු විභාගය අසාධාරණ සහ අයුක්ති සහගත විය. එය ලෝකප්‍රකට පුද්ගලයින් වන ඔස්කාර් වයිල්ඩ්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, විලියම් ඩී නොවල්ස්, ක්ලැරන්ස් ඩැරෝ වැනි අය විසින් දැඩි ලෙස හෙළා දකින ලදී. කෙසේ වෙතත් නැගී ආ ප්‍රතිවිරෝධයන් නිසා නැවත සලකා බැලීමෙන් අනතුරුව සිරගත කළ අනෙකුත් සහෘදයන් වසර 1893 දී නිදහස් කරන ලදී.

මැයි 01 වැනිදා වැඩකරන ජනතාවගේ දිනය බවට පත්වේ.

රටවල් විශාල ප්‍රමාණයක සමාජවාදී සහ කම්කරු පක්‍ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් වර්ෂ 1889 ජූලි මස ජාත්‍යන්තර සමාජවාදය උදෙසා එකට වැඩ කිරීම පිණිස සංවිධානය වීම වෙනුවෙන් පැරිසියේ දී පැවති දෙවැනි ජාත්‍යන්තරය විසින් මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. වැඩ කරන ජනතාව වෙනුවෙන් පැය 08ක වැඩ දිනයක් සඳහා ඇමරිකානු කම්කරුවන් කළ අරගල සහ හේමාකට් චතුරශ්‍රයේ දී ආදර්ශයන් සහිතව පෙන්වා දුන් කැප කිරීම උදෙසා එය සිදුකරන ලදී.

පැය 03 ක සේවා කාලය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක්

වර්ෂ 1916 දී “Railway Brotherhood” සංවිධානය විසින් පැය 08ක සේවා දිනයක් ඇතුළු යෝජනාවලියක් ඇමරිකානු දුම්රිය මාර්ග ආයතනවලට ලබා දුන්න ද, ඒවා ප්‍රතික්‍ෂේප විය. ඒ අනුව 1916 සැප්තැම්බර් මස 04 වැනිදා වැඩවර්ජනයක් ප්‍රකාශ කරන ලදී. එවකට පැවති පළමුවැනි ලෝක යුද්ධ වාතාවරණය හමුවේ දුම්රිය මාර්ග වැඩ වර්ජනයක්, යුද කටයුතු වලට අහිතකර ලෙස බලපාන බැවින්, එවකට ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන්ගේ ඉල්ලීම පරිදි කොන්ග්‍රසය විසින් පැය 08 ක සේවා කාලයක් දුම්රිය සේවකයින්ට ලබාදීම සඳහා පනතක් සම්මත කරන ලදී. දුම්රිය ආයතනයක් විසින් විම පනත අභියෝගයට ලක් කරමින් ශේෂ්ඨාධිකරණයේ පැවරූ එම නඩුවේ තීන්දුව වසර 1917 දී පැය 08 ක සේවා කාලය අනුමත කරමින් ලබා දුණි.

සේවා කාලය පැය 08 කිරීමට සහ වැටුප දෙගුණ කිරීමට ෆෝර්ඩ් ආයතනය කටයුතු කරයි

විසිවන සියවස මුල් භාගයේ දී ෆෝර්ඩ් මෝටර් රථ ආයතනය විසින් සතියකට පැය 40 ක සේවා කාලයක් සහ දෙගුණයක් දක්වා වැටුප් වැඩි කිරීමක් ලබාදීම සඳහා ගත් ක්‍රියාමාර්ගය හමුවේ බොහෝ කර්මාන්ත ශාලා හිමියන් විමතියට පත් කරමින් ඔවුන්ගේ ලාභ දෙගුණ කර ගැනීමට හැකි විය. මෙ මගින් සේවකයින්ගේ කාර්යක්‍ෂමතාවය ද ඉහළ නැංවුණි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමුළුව 1919

කර්මාන්ත ශාලා සඳහා දිනක වැඩ කාලය පැය 08 ක් බවට පත් කිරීම උදෙසා ලැබුණු යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පැය 08 වැඩ දිනය 1919 දී ස්ථාපිත කරන ලදී. මේ වන විට රටවල් බොහෝ ගණනක් ඒ අනුව කටයුතු කරමින් සිටී.

වර්තමානයේ අපි

රතු ධජ ලෙළ දෙවමින් වර්තමානයේ මැයි 01 වනදා අප සංකේතවත් කරන්නේ එදා හේමාකට් චතුරශ්‍රයේ දී වැඩ කරන ජනතාවගේ සිරුරෙන් ගලා ගිය රතු ලේ දහරාවන්ය. හිස් වාතලයට ඔවුන් එදා මුදා හළ අවසන් හුස්ම පොදය. ඔවුන්ට කිසිදා භුක්ති විඳීමට වරම් නොලැබුණු මුත්, අප අද භුක්ති විඳින පැය 08 වැඩ දිනය ජය ගැනීම සඳහා ඔවුන් කළ අභිමානවත් කැප කිරීමය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දිනය 1927 දී කම්කරු නායක ඒ ඊ ගුණසිංහ සහෝදරයාගේ මූලිකත්වයෙන් සමරන ලදී. එසේම වී ඊ ගුණසිංහ සහෝදරයාගේ මූලිකත්වයෙන් අපි සාමාජිකත්වය දරන ලංකා බැංකු සේවක සංගමය වර්ෂ 1943 දී වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ආරම්භ විය.

අද අප හමුවේ ඇති අභියෝගය

කම්කරු පන්තිය සතු එකම අවිය සංවිධානය වීමයි. වී පිළිබඳ මනා අවබෝධයක් ඇති පාලක පන්තිය විසින් සෑමවිටම කම්කරු පන්තිය සංවිධානය වීම වළක්වනු ලැබීය. ඒ සඳහා කම්කරු පන්තිය බෙදා වෙන්කිරීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග පාලක පන්තිය විසින් ගනු ලැබ ඇත. නමුත් පවතින ආර්ථික ක්‍රමය තුළ දිනෙන් දින උත්සන්න වන අර්බුද හමුවේ කම්කරු පන්තියේ සාමුහික නැගී සිටීම් ලෝකයේ විවිධ රටවලින් මෙන්ම ලංකාව තුළද පසුගිය කාල සීමාවේදී ඉස්මතු විය. කෝවිඩ්-19 වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වන්නේ මෙවන් වාතාවරණයක් ලෝකයේත්, ලංකාවේත් ක්‍රියාත්මක වන මොහොතකදීය. සමස්ත සමාජ්යකට බලපෑම් කරන මෙවැනි වසංගතයක් සඳහා මුහුණදීමට පවතින ආර්ථික ක්‍රමය අයහපත් බව ලොවක් හමුවේ සනාථ වෙමින් ඇත. තවද ලෝකයේ විවිධ රටවල් තමන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ක්‍රමවේදයේ අසමත් බව වසා ගැනීමටත් මෙම වසංගතය භාවිතා කරමින් ඇත. ලංකාවේ තත්වය ඊට දෙවෙනි නැත. ආණ්ඩුවට අවශ්‍ය වූ විට රට තුළ කෝවිඩ් රැළි නිර්මාණය වන අතර ආණ්ඩුවට අනවශ්‍ය යැයි තීරණය කළ විට රට තුළ කෝවිඩ් වසංගතයක් නොමැත. බහුතරයක් ජන මාධ්‍ය ද කටයුතු කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවට අනුව වීම තුළ සමස්ත ජනතාවම මුලාවට ලක්කර ඇත.

කෙසේවෙතත්, කෝඩ්-19 වසංගත තත්ත්වය තුළින් අපට තවදුරටත් තහවුරු කර ඇත්තේ එම වසංගතය පවා ධනපති පන්තියට ආශිර්වාදයක් වී ඇති බවත්, කම්කරු පන්තියට ශාපයක් වී ඇති බවත්ය. කෝවිඩ් 19 වසංගතය තුළ ධන කුවේරයන් තව තවත් ධනය එක් රැස් කරමින් කටයුතු කරන අතර පාලක පන්තියද ඒ සඳහා ආශිර්වාද කරමින් කටයුතු කරනු ලබයි. නමුත් කම්කරු පන්තියේ රැකියා අහිමි කරමින්, වැටුප් කප්පාදු කරමින්, දීමනා වැඩි නොකරමින් විවිධාකාරයේ හිංසනයන්ට ලක්කරමින් කම්කරුවා කබලෙන් ලිපට ඇද දමා ඇත්තේ කොවිඩ් 19 වසංගතයට වඩා වැඩි වසංගතයකට ඔවුන් බාදුරු කරවමිනි.

ඒ නිසා, කෝවිඩ් – 19 වසංගතය හමුවේ කම්කරු පන්තිය ලෙස අප අවබෝධ කරගත යුතු නිශ්චිත තත්වයක් ඇත. කෝවිඩි-19 යනු වසංගතයකට එහා ගිය පාලකයින්ගේ ආර්ථික, දේශපාලනික සැලැස්මක ප්‍රතිලාභයක් බව අප අවබෝධ කරගත යුතුය. ඒ නිසා වසංගතයෙන් ආරක්‍ෂා වෙමින් ඊට මුහුණ දෙනවා සේම පාලක පන්තියේ මෙම ආර්ථික, දේශපාලනික සැලැස්මට එරෙහිවත් අප කම්කරුවන් ලෙස මුහුණ දිය යුතුව ඇත. කෝවිඩ් – 19 වසංගතයට මුවාවෙමින් පාලක පන්තිය ඔවුන්ගේ සියලු බල ව්‍යාපෘති කරලියට ගෙන එමින් ඇති අතර ඊට එරෙහි වන කම්කරුවන් මර්දනය කිරීම සඳහා වසංගතය තුළින් මතුවන තත්වයන් උපයෝගි කරගනිමින් ඇත. 2021 ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ මොහොතේදී කම්කරුවන් ලෙස සංවිධානය වීමේ අවිය පාලක පන්තිය විසින් කම්කරුවන්ගෙන් උදුරා ගනිමින් ඇත. එය පරාජය කිරීම කම්කරුවන්ගේ අද දවසේ වගකීම වී ඇති බව අප සැම අවබෝධ කරගත යුතුය.

ලංකා බැංකු සේවක සංගමය දිගුකල් දිනේවා!

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *