එංගලන්තයේ B 117, අළුත් ප්‍රභේදයක් නොවේ (VEDIO)

මෙරට තුළ මින් පෙර සිදු කරනු ලැබූ සියලු ජාන අනුක්‍රමික විශ්ලේෂණ මගින් එංගලන්ත ප්‍රභේදය රට තුල පවතින බව තහවුරු වී ඇති නමුත්, එම විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන පවා රට තුළ විධිමත් ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් සිදු නොකිරීම නිසා මේ වන විට එම ප්‍රභේදය රට පුරා විශාල ලෙස ව්‍යාප්තව තිබෙන බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් චෝදනා කරයි.

එසේම, ජයවර්ධනපුර රසායනාගාරය විසින් කුරුණෑගල, කොළඹ වැනි දිස්ත්‍රික් කිහිපයක් පමණක් පදනම් කර ගනිමින් තහවුරු කරණ අධ්‍යනය, අවසන් නිගමනයට ලක් කිරීමට පෙර දිවයින පුරා ආවරණය වන පරිදි විධිමත් ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂාවක් තවදුරටත් සැලසුම් කල යුතු බවද හෙතෙම පවසයි.

‘එයාර්බෝන්’ යන්න මන්තරයක් සේ මතුරමින් සිටිනවාට වඩා වාතය මගින් හෝ බිදිති මගින් අවට වාතයේ රැඳෙන වෛරස විනාශ කළ හැකි පාරජම්බුල විෂබීජප්‍රකිරණය (සාමාන්‍යයෙන් UVGI ලෙස හැඳින්වේ) විශේෂයෙන් සැකසූ HEPA ෆිල්ටර ක්‍රමය හා වායු විෂබීජ නාශක ඒකකවල භාවිතාකර නිර්මාණය කර ඇති වායු පිරිසිදු කිරීම් ඒකක (Air Disinfectors) වැනි විකල්ප ක්‍රම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු විය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙවැනි යන්ත්‍රවල භාවිතාව සහ අවශ්‍යතාවය පිළිබඳව පසුගිය සැප්තැම්බර මාසයේදි ජනාධිපතිවරයා පවා ලිඛිතව දැනුවත් කළ බවත් කොවිඩ් වාතයෙන් බෝ වුවද නොවුණද, රසායනාගාරවල සහ කොව්ඩ් වාට්ටු වැනි ස්ථානවල වෛරස සාන්ද්‍රණය අඩු කිරීමට මෙවැනි ක්‍රමයක් ඉතා අත්‍යාවශ්‍යයි බව තාක්ෂණිකව පෙන්වා දුන් බවත් හෙතෙම අවධාරණය කරයි.

මෙරට පාවිච්චි කෙරෙන මුඛ ආවරණ ගණනාවක් නියමිත ප්‍රමිතියෙන් තොර නිසා එදිනෙදා පාවිච්චි කෙරෙන මුව ආවරණය විශේෂයෙන්ම ශල්‍ය මුඛ ආවරණයක් හෝ එයටත් වඩා ඉහළ ප්‍රමිතියකින් යුත් මුඛ ආවරණයක් නොවන්නේ නම් වාතයෙන් පැතිරෙනවා යැයි පැවසෙන මේ රෝගය බරපතල අයුරින් සම්ප්‍රේෂණය කිරීමකට ලක් වන බවද හෙතෙම පෙන්වා දෙයි. රෙදිවලින් සැකසු මුඛ ආවරණයක් භාවිතා කරන්නේ නම් වාතයේ ඇති වයිරස් අංශු මුඛ ආවරණයේ ඇලවි ඒ හරහා අමතර රෝග ප්‍රචාරණයක් සිදු විය හැකි බව බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ රෝගය වාතයෙන් පවා පැතිර යන රෝගයක් සේ අනුමාන කරන්නේ නම් මුලින්ම කළ යුත්තේ මුඛ ආවරණවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම හා රෙදි මුඛ ආවරණ තහනම් කිරීම බවද හෙතෙම පවසයි.

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *