“ජනාධිපතිතුමාගේ කතාවේ ඇතුල් පැත්ත හා රණවිරුවන් පාවාදීම“ මැයෙන් හෙළ බොදු සවියෙන් ජනපතිට ලිපියක්

ජනාධිපති තුමාගේ කතාවේ ඇතුල් පැත්ත හා රණවිරුවන් පාවා දීම

පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රි වරයෙකු වු හරින් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද ප්‍රකාශයක් අරඹයා ජනාධිපති වරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය,රාජ්‍ය පාලකයෙකු විසින් සිදු නොකල යුක්තකි.ජනාධිපතිවරයා පක්ෂයක හෝ කණ්ඩායමක පුද්ගලයෙකු නොව මුළු රටටම පාලකයාය
2009 මැයි 18 වන දින වසර 30ක් පැවති යුද්ධය නිමා කරන ලදි.එය මෙරට රණවිරුවන්ගේ ද, සියලුම දේශප්‍රේමි ජනතාවගේ ද ජයග්‍රහනයකි. උතුරේ නන්දිකාඩල්වලදි එල්.ටි.ටි.ඊ නායක ප්‍රභාකරන්ගේ ත්‍රස්ත ක්‍රියා සම්පුර්ණයෙන් අවසන් විය. එය රටක් වශයෙන් ලැබු බලවත් ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය ලෝකයේ බලවත් රටවල්වලට පිළිගත නොහැකි කරුණක් විය. එම නිසා මානව හිමිකම් නමින්, අටවාගත් ඊනියා සංවිධාන අප රට මානව හිමිකම් කඩන මුර්ගයින් සිටින රටක් ලෙස ලෝකයට හදුන්වා දී ඇත. එම නිසා සංහිදියාවේ කාර්යාල ද, විවිධ ජනාධිපති කොමිෂම් ද ජාත්‍යන්තර බලපෑම මත පිහිටුවන්නට අපට සිදු විය. අප යුද්ධ කළේ මානුෂික මෙහෙයුමක් වශයෙනි. සිංහල, දෙමළ, මුස්ලිම්, ජනතාවගේ ආරක්ෂාව තහවුරුකර ගැනීමටය. එම නිසා ප්‍රභාකරන්ගේ මරණය යුද්ධය අවසන් වීමට හේතු විය.

“අපි ප්‍රභාකරන් බල්ලෙක් විදියට මරලා අරගෙන ආවා. මට ඒ විදියටත් වැඩ කරන්න පුළුවන්” ප්‍රජාතන්ත්‍රවාදි ලෙස පත් වු හරින් ප්‍රනාන්දු වැනි මන්ත්‍රිවරුන්ට ද මට එසේ කළ හැකියි, මෙම ප්‍රකාශය රටේ ජනාධිපති වරයා වශයෙන් නොකළ යුතු ප්‍රකාශයකි. මෙම ප්‍රකාශය මානව හිමිකම් කොමිෂමට අප රටේ ත්‍රිවිද හමුදාව හා සේනාධිනායකයා යුද අපරාධ සිදු කලා යයි කියන චෝදනාවට ප්‍රබල සාක්ෂියකි. අපේ ජනාධිපති තුමා අයි. ටි. තාක්ෂණය හදාරපු කෙනෙකි. මෙවැනි දේ අද ඕනෑම භාෂාවකට පරිවර්ථනය කළ හැකි බව දනියි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසට ජනාධිපති තුමා කළ කතාව ඉදිරිපත් කළ හොත් නැති ප්‍රශ්න කැදවා ගැනීමකි. දෙමළ ඩයස්පොරාවට තවත් වස්තු බිජයක් වන්නා සේම එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදින් යුද අපරාධ කළා යැයි ත්‍රිවිධ හමුදාවට එල්ල කළ චෝදනාව ඔප්පු කරගත හැකි සාක්ෂියකි.

දුර දක්නා නුවනක් ඇති කිසිදු පාලකයෙකු විසින් නොළ යුතු ප්‍රකාශයකි.එම නිසා ගරු ජනාධිපති තුමාට උපදෙස් දෙන හා උත්සවලට කතා ලියා දෙන හා උපදෙස් දෙන, උපදේශකයන් වහාම ඉවත් කර, ඊට සුදුසු පුද්ගලයන් පත් කර ගත යුතු වන්නේ. 69 නව ලක්ෂයක් ජන්දය දුන් ජනතාව තව දුරටත් අපහසුතාවයට පත් නොකළ යුතු නිසා වෙනි.

You might like

About the Author: Editor