ඩිල්මා සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානයක්

COVID-19 මර්දනයට හා පාලනයට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයනු ලබන වැඩපිළිවෙලට මහත් ශක්තියක් වෙමින් දේශීය හා විදේශීය වශයෙන් ආධාර විශාල වශයෙන් පසුගිය කාලපරිච්ඡේදයේ දී ලැබෙන්නට විය.

ඒ අතර ඩිල්මා සමාගම සහ ඊට අනුබද්ධිත MJF පදනම විසින් රුපියල් කෝටි 4.4 ක් වටිනා COVID-19 පරික්ෂණ කට්ටල 10,000 ක්, ශ්ලේෂමල එකතු කිරීමේ ආම්පන්න තොගයක් සහ RNA පරික්ෂණ කට්ටල සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිරිනැමිම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.

ඩිල්මා ආයතනයේ සහ අනුබද්ධිත MJF පදනම කාර්ය මණ්ඩලය ඇතුළු සේවක සේවිකාවන් මෙම පරිත්‍යාගය සඳහා දායක වී ඇති අතර මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා,  ඩිල්මා සමාගමේ ඉංජිනේරු සහ නිෂ්පාදන අංශයේ තරංග ඉඳුනිල් මහතා සහ ගයනි ප්‍රියංගිකා මෙනවිය, ඩිල්මා/MJF සමූහ ව්‍යාපාරයේ මානව සම්පත් කළමනාකරණ නිලධාරි ගයාන් තිලකරත්න මහතා, MJF පදනමේ සාමාන්‍ය අධිකාරිනි තමින්ද්‍රි ද සිල්වා මෙනවිය එක්ව සිටියහ.

You might like

About the Author: Editor